27 July 2024
#දේශීය

කොරෝනා රෝගීයෙකු බව දැන ගත් දිනයේම මිය යයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවන මරණය අද (30) මීගමුව මහ රෝහලෙන් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 64 ක් අයෙකු වන අතර ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෞද්ගලික රෝහලක සිට මීගමුව රෝහලට මාරු කර එවා ඇති අතර මෙම රෝගීයා කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේ ද අද දිනයේදී බව වෛද්‍යවරයා කියා සිටියේය. මීගමුව මහරෝහළේදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගියේය.

එසේම ඔහු හෘදයාබාධයකින් පෙළි ඇති බවත් දිර්ඝකාලීන ස්වසන ආබාධයකින් පෙළුණු අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *