27 April 2024
#දේශීය

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඖෂධ නිකුත් කරයි

පවතින තත්ත්වය හමුවේ වුවද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබාගත් පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සඳහන් කරයි.

එම කාර්යාංශය කියා සිටියේ කොළඹ පිහිටි මධ්‍යම සායන මඟින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00සිට මධ්‍යම 12 දක්වා ඖෂධ නිකුත් කිරීම හා සේවා ලබා දෙන බවයි.

එසේම තමන්ට නියමිත සායනයට පැමිණීමට අපහසු පුද්ගලයින්ට, තමන්ට ළඟම සායනයට පැමිණිය හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ , විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

දිවයින පුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ දුරකථන අංක තම ආයතනයේ වෙබ් අඩවිය වන Www.aidscontrol.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවද ඇය සඳහන් කළාය.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජංගම දුරකථනයට යොමු කර ඇති කෙටි පණිවුඩය පොලිස් නිලධාරීන්ට පෙන්වීමෙන් එය ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කර, සායන සඳහා පැමිණිය හැකි බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *