27 April 2024
#දේශීය

මෙරටදී කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය ලක්ෂයට ආසන්නය

කොරෝනා වෛරස් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ලක්ෂයට ආසන්නයේ ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොවිෂිල්ඩ් එන්නත ලබා දීම 925,245 ක් සිදු කර ඇති බවයි.

එමෙන්ම සංවර්ධන කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන්ට පමණක් ලබා දෙන සයිනොෆාම් එන්නත 2,469 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරට එන්නත් සිදු කිරීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 29වනදායි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *