27 April 2024
#දේශීය

කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට – සෞඛ්‍ය අංශ කියයි

කොවිඩ්-19 වෛරසය මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශය පවසයි.

තවත් සිව් දෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද පස්වරු 2.30ට නිකුත් කළ වාර්තාවට අනුව වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයින පුරා රෝහල් කිහිපයක වෛරසය වැළදී ඇති බවට සැකපිට ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 199ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.

අද දිනය තුළ පුද්ගලයන් දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 103ක් වෙයි.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *