27 April 2024
#දේශීය

මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද (28) දින වාර්තා වු බව සෞඛ්‍ය අංශය පවසයි.

මිය ගිය පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

එම පුද්ගලයාට වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

එම පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මියගොස් තිබේ.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *