ලොව ප්‍රකට ටික්ටොක් යෙදවුමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් සමාගමේ නිර්මාතෘ ජ්යං යීමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.
ඒ මීට පෙර ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සිටි ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි පසුකර යමින් බව වාර්තා වේ.
ජ්‍යං යීමින්ග්ගේ වර්තමාන ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 105 ඉක්මවා ඇති බව සඳහන් වන අතර, බයිට්ඩාන්ස් සමාගමේ වටිනාකම ඉහළ යාම ඔහුගේ වත්කම් වර්ධනයට බලපා තිබේ.














