• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ මාධ්‍ය නියාමනයෙහි අදහස දණ්ඩනය නොවන බව මන්ත්‍රී සංජිව කියයි

5 October 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

යම් නියාමනයක් වුවමනා බව කියන ප්‍රශ්නය පොදු සමාජය තුළින් විමසුවොත් සැවොම දරන පොදු අදහස වනුයේ ලෝකයේ ඕනෑම දෙයකට විධිමත් නියාමනයක් අවශ්‍ය බවත් නියාමනයෙහි අදහස දණ්ඩනය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “ඊයේ දවස වන විට අසියානු ශුරතා තරඟාවලියේ මීටර් 800 කාන්තා තරඟයෙන් රන්පදකම දිනාගන්න තරුෂි කරුණාරත්න සමත් වුණා. ඒ වගේම මීටර් 400 පිරිමි සහ මීටර් 400 කාන්තා ලෝකඩ පදක්කම් දෙකම දිනාගන්න අප සමත් වුණා. අපි මේ සියලුදෙනාටම අභිමානයෙන් යුතුව සුබපතන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට කැමතියි. මේ පිරිස මේ දිනාදෙන්නේ මේ රටේ අභිමානය සහ කීර්තියයි. මේ භාෂණය නිදහස හා සම්බන්ධ කාරණාව යළි කරලියට පැමිණ තිබෙනවා. ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව ඉතාම පුළුල් සංවාදයක් තිබෙනවා. එය භාෂණය නිදහසේ අයිතිය හා සම්බන්ධ අවස්ථාවක් විදිහට ඉතාම ප්‍රශස්ත ලෙස භාවිත කිරීමක් අපි දැකලා තිබෙනවා. සමාජ මාධ්‍ය යම් යම් හැසිරීම් ඒවා දේශපාලනික මතිමතාන්තර පමණක් නොවේ සමස්ථයක් විදිහට ගතහොත් යම් යම් දේ නිවැරදි විය යුතු බවක් සියලුදෙනාගේ පොදු නිරීක්ෂණයට ලක්වෙමින් තිබෙනවා. ඒ නිසා යම් යම් චර්යාවන් සම්බන්ධ සමාජ මාධ්‍යයේ ඇතැම් චර්යාවන් පිළිබඳව යම් නියාමනයක් අවශ්‍යයි කියන අදහස දිර්ඝකාලයක් තිස්සේ සාකච්ඡාවට ලක්වෙමින් තිබුණා. ඒ සම්බන්ධයෙන් යම් අදහසක් මේ දැන් කරළියට ඇවිත් තිබෙන්නේ. සමාජ මාධ්‍යයේ ඇතැම් නුසුදුසු චර්යාවන් සම්බන්ධව යම් නියාමනයක් වුවමනායි කියන ප්‍රශ්නය පොදු සමාජය තුළින් ඇහුව්වොත් හැමෝම දරන පොදු අදහස තමයි ලෝකයේ ඕනෑම දේකට විධිමත් නියාමනයක් අවශ්‍යයි. නියාමනයේ අදහස දණ්ඩනය නොවේ. තව කෙනෙකුගේ හෝ තව පාර්ශවයකගේ ආරක්ෂාව සහ අයිතිය සහතික කිරීමක්. නියාමනය කියන සංකල්පයට සමස්ථය කැමතිවෙමින් නියාමනය සඳහා තබන ඕනෑම ආකාරයේ සත්භාවික පියවරක් පවා විවේචනයට ලක්වෙමින් තිබෙනවා. දැන් සමාජ මාධ්‍ය මේ තිබෙන ගැරහිලි , ගහමරාගැනීම් තිබෙන්නේ දේශපාලනික කණ්ඩායම් අතර. ඒ නිසා ඇතැම් පාර්ශව හිතනවා ඒක අපිට අදාළ නැහැ කියලා. දේශපාලන කණ්ඩායම් අතර පමණක් මේ අද තිබෙන ගැටුම සමස්ථ සමාජයම වේලාගත්ත දවසක මෙය තේරෙයි. තොරතුරු ප්‍රචාරණයේ සමාජ මාධ්‍යය විසින් ඇතැම් තැන්වලදි මතුකරන මේ අවිනිශ්චිතභාවය සත්‍යයෙන් තොර බැවින් ඒ දේවල් ප්‍රචාරය වීම පිළිබඳ අවුලක් තිබෙනවා. ඒ අවුල නිරවුල් කරගතයුතු නැද්ද? විධිමත් ප්‍රචාරණය පිළිබඳව සහ ප්‍රකාශන අයිති සියලු මූලධර්ම රැකගෙන යම්කිසි විධිමත්භාවයක් ආරක්ෂා කිරීම පිළිබඳ වුවමනාවක් මේ සමාජයේ තිබෙනවා. සමාජ මාධ්‍ය පමණක් ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහකට කළහැකි තැනක් ලෙස පැවතිය යුතුද කියලා අපි පෞද්ගලික දේශපාලන ආකල්පයන්ගෙන් බැහැරව සාකච්ඡා කරමු කියලා මම යෝජනා කරන්න කැමති. ”යනුවෙන් මෙහිදි මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

Post Views: 11
Previous Post

‘Industry 2023 Kandy Edition කර්මාන්ත ප්‍රදර්ශනය මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේදී

Next Post

රතු කුරුසයෙන් කොළඹ පවුල් 500 ට කෘෂිකාර්මික ජීවනෝපාය සංවර්ධන ආධාර ලබා දෙයි

editor

editor

Next Post

රතු කුරුසයෙන් කොළඹ පවුල් 500 ට කෘෂිකාර්මික ජීවනෝපාය සංවර්ධන ආධාර ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved