27 April 2024
#දේශීය

‘Industry 2023 Kandy Edition කර්මාන්ත ප්‍රදර්ශනය මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේදී

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීම වෙනුවෙන්, කර්මාන්ත අමාත්‍යංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව පවත්වන Industry 2023 කර්මාන්ත ප්‍රදර්ශන මාලාවේ මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය ‘Industry 2023 Kandy Edition’හෙට (06) සිට 8 වෙනිදා දක්වා මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

එහි සමාරම්භක උත්සවය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමා ප්‍රමුඛ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු මධ්‍යම පළාත් මැති, ඇමතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 6 වෙනිදා පෙ.ව. 10.00 ට සිදුකෙරෙයි.

ඔක්තෝබර් 7 වෙනිදා කර්මාන්ත ප්‍රදර්ශනයේ දෙවෙනි දිනය, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00 ට ආරම්භ වන අතර , ඔක්තෝබර් 8 වෙනිදා ප්‍රදර්ශනයේ අවසාන දිනය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.9.00 ට ආරම්භ වේ. ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 8 වෙනිදා ප.ව. 6.00 ට සිදුකෙරෙයි.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම මධ්‍යම පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක්ද Industry 2023 kandy Edition කර්මාන්ත ප්‍රදර්ශනයේදී දැකගත හැකි වන අතර කර්මාන්ත ගැන දැනුවත් වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට මෙය මහගු අවස්ථාවක් වනු ඇත.

මෙම කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ඔක්තෝබර් 7 වෙනිදා පෙ.ව. 9.00 ට පිත්තල කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ‘ පිත්තල කර්මාන්ත තාක්ෂණ සංවර්ධන ජාතික මධ්‍යස්ථානය ‘ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිමතලාවේදී ආරම්භ කෙරෙන අතර එදිනම පෙ.ව.11.00 ට , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව කර්මාන්ත පුරය ලෙසින් ‘ පොත්තපිටිය කාර්මික ජනපදය ‘ මහනුවර පොත්තපිටියේදී , එතුමන්ගේ ප්‍රධානත්වයෙන්ම ආරම්භ කිරීමටත් නියමිත වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *