• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති රනිල්ගේ මුත්තා මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා බව මන්ත්‍රී වජිර‌ කියයි

4 May 2024
in දේශීය, පුවත්
ජනපති රනිල්ගේ මුත්තා මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා බව මන්ත්‍රී වජිර‌ කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුත්තණුවන් (සීයා) සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ බවත් ඔහු මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (4) සවස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති “උරුමය” වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා “ ශ්‍රී ලංකාවේ පළවෙනි ඉඩම් කොමසාරිස් ජනරාල් සහ පළමු සිංහල දිසාපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ මුත්තණුවෝය (සීයා). ඔහුගේ නම සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහයි. අද දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උරුමය ඔප්පු ලබාදීම සිදු කරනවා. ඊට සමගාමීව ගාලු දිස්ත්‍රික්කයේ දැනට සකස් වී තිබෙන උරුමය ඔප්පු ප්‍රමාණය අපි අද ලබා දෙනවා. මෙය හරියටම දෛවෝපගත සිද්ධියක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මුත්තණුවන් (සීයා) සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ ගාල්ලේ බද්දේගම උපන් අයෙක්ය. ඔහු ප්‍රසිද්ධ වුයේ සී.එල් වික්‍රමසිංහ යනුවෙනුයි. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේත් පසුව කොළඹ රාජකීය විද්‍යාලයන් අකුරු කර පසුව ලන්ඩන් සරසවියෙන් උපාධියක් ලබා ගත්තා. පසුව එතුමා 1912 දී ශ්‍රී ලංකා සිවිල් සේවයට එකතු වුණා. පසු කාලීනව ඔහු තමයි මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා වුණේ. ඒ වගේම සී.එල්. වික්‍රමසිංහ මහතා ලංකාවේ මුල්ම සිංහල දිසාපතිවරයායයි. එදා පොළොන්නරුව අනුරාධපුරය එක දිස්ත්‍රික්කයක්. එහි දිසාපතිවරයා ද වූයේ ඔහුය. එතුමා ඒ යුගයේ දී ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගොවිජන ව්‍යාපාරය පිටුපස සිටි යෝධතම සෙවණැල්ලයි. දෛවෝපගත සිද්ධියක් මෙන් අද එම පරපුරෙහි සාමාජිකයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා පොළොන්නරුවේ දී, ජීවිතයේ තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට නොහැකි වූ මහ ජනතාවට වසර 200 කට පමණ එහා ගිය ඉතිහාසයකට පසු තමන්ටම කියා මහපොළොවේ අයිතිය ලැබෙනවා. භුමියක ඉඩම් කැබැල්ලක් යනු මනුස්සයෙකු ජීවත් වන විට අත්පත් කර ගත හැකි වටිනාම වස්තුවයි. එහෙත් බොහොමයක් දෙනාට එය ජීවිතයේ සිහිනයක් පමණයි. දැනට තිබෙන වාර්ථා වලට අනුව ලක්ෂ 20 කට අධික ජනතාවක් මෙරට ඉඩම් අයිතිය නොමැතිව සිටිනවා. නොයෙකුත් ඉඩම් වර්ග ලැබී තිබුණ ද මූලික අයිතිවාසිකම ඔවුනට නැහැ. ඒ නිසා තමයි 2024 වර්ෂයේ දී රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ උරුමය මැයෙන් වැඩසටහනක් ශක්තිමත් අනාගතයක් සඳහා ක්‍රියාත්මක කරන බව. 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මෙරට ගොවි ජනතාවට බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනා ඔස්සේ ලැබී අර්ධ ඉඩම් අයිතිය පූර්ණ ඉඩම් අයිතියක් බවට පත් වුණා. කෙසේ හෝ මෙම පවුල් ලක්ෂ ගණනකට සිහිනයක් වූ මේ බලාපොරොත්තුව අයිතියක් බවට පත් කිරීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 20 ක මුදලක් එතුමා වෙන් කළා පවුල් ලක්ෂ 20 ක ඉඩම් අයිතිය ලබා දීම සඳහා. එය තමයි මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. කෙසේ හෝ පැවතුණු සෑම රජයක්ම ඉදිරියට ගෙනගිය ගොවිජනපද ව්‍යාපාරය සී.එල්. වික්‍රමසිංහ මහතා ඩී.එස්. සේනානායක මැතිතුමා සමග එකතු වී රජරට ගොවිජන පද ව්‍යාපාරය ඉදිරියට ගෙනගිය අතර, අද ඒ ගමනම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉටු කරමින් සිටිනවා. ලක්ෂ 15 ක රාජ්‍ය යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මාස 3 කින් ඔප්පු ලක්ෂ 20 ම දීලා ඉවර කරන්න පුළුවන්. 76 වෙනි නිදහස් දිනය සමරලා 2024 පෙබරවාරි 05 වෙනිදා ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් ජනාධිපතිතුමන් අතින් 10,000 කට උරුමය අයිතිවාසිකම් ලබා දුන්නා. දැන් මෙහි දෙවෙනි අදියර යටතේ රජයේ බලපත්‍ර යටතේ ඉඩම් හිමි ගොවි ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙනවා. ඒ අතරේ පවුල් අතරේ තිබෙන ගැටලු විසඳීමටත් ගම් මට්ටමින් කමිටුවක් පත් කරලා තිබෙනවා. දැන් මෙය සාර්ථක කර ගන්න නම් ප්‍රාදේශීය ලේකම්වරු, ස්වදේශ කටයුතු අමාත්‍යංශය, ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවත් එකට වැඩ කරන්න තිබෙනවා. සියවස් ගණනක් මහජනයාට නොලැබුණු මේ අයිතිය ලබා දෙන්න ගියාම දැන් ලක්ෂ 20 ක පත්ඉරු හොයන එක විශාල ප්‍රශ්නයක් වේවි. ඒ නිසා ජනාධිපතිතුමා ඒ සඳහා දැන් අමාත්‍ය මණ්ඩලයේ කෙටි පත්‍රිකාවකින් පත්ඉරු වල තීරු ගාස්තු නිදහස් කරන්නත් අවධානය යොමු කරලා තිබෙනවා. ඒක එහෙම කරලා එක කොළයකින් රාජ්‍ය නිලධාරීන් අතරේ ඉඩම් අයිතිය තහවුරු කරගත්තම කඩිනමින් මේ ඔප්පු දෙන්න පුළුවන්. මහජනයාට අවශ්‍ය දවසක සල්ලි ගෙවලා පත්ඉරු ලබා ගනී. එවැනි නීතිමය රාමු ඇතුලේ කෙටි ක්‍රම යොදා ගැනීම වැදගත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මෙය ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඉඩමක අයිතිය, හිමිකාරත්වය දෙනවා කියන්නේ ආර්ථිකය වේගයෙන් ලොකු පිම්මක් පනිනවා. සමස්ථ ශ්‍රී ලාංකික ගොවි ජනතාවටත්, අනෙක් ඉඩම් අයිති ජනතාවත් මෙහි පූර්ණ හිමිකාරීත්වය ලැබුණාම ආර්ථිකය විශාල පිම්මකින් ඉදිරියට යනවා. ඔවුන්ගේ ජීවිතත් ආලෝකමත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ශක්තිමත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉපදුණු පුරවැසියෙකුට තමා කැමති තැනක පදිංචිව සිටීමේ අයිතිය තහවුරු කරලා තිබෙනවා. එසේනම් සියවස් කිහිපයක් ඉටු නොවුණු මූලික අයිතිවාසිකමක් රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා ඉටු කරමින් සිටිනවා. ඒ නිසා අද දවසේ එතුමා සමස්ථ ජනතාවගේම ගෞරවයට, ආශිර්වාදයට පත්විය යුතු යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12,903
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳව විශ්වාසයි – ජපානයේ විදෙස් ඇමැති

Next Post

ඡන්දයක් දැක දැක රාජ්‍ය බලය හා සම්පත් දේශපාලනිකව භාවිතා කිරීමට එරෙහි වන්න – පැෆ්රල් සංවිධානය

editor ttvnews

editor ttvnews

Next Post
ජනාධිපතිවරණය ඔක්. 14 පෙර පැවැත්විමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුයි – පැෆ්රල්

ඡන්දයක් දැක දැක රාජ්‍ය බලය හා සම්පත් දේශපාලනිකව භාවිතා කිරීමට එරෙහි වන්න - පැෆ්රල් සංවිධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved