27 April 2024
#දේශීය

රට ම අවධානයෙන් – මැතිවරණ කොමිසම 20 රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව එළඹෙන 20 වනදා  රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එහි අපේක්ෂාව වන්නේ කල් තබා ඇති මහ මැතිවරණ සම්බන්ධව සාකච්ඡා කිරීම බවත් ඊට කොමිසමේ ප්‍රධාන නිලධාරීන් සියලු දෙනාම පාහේ සහභාගි වනු ඇති බවත් දැන ගන්නට ඇත.
 
මේ අතරෙම අතර එම සාකච්ඡාවෙන් පසුව මැතිවරණ කොමිසම විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සහ ආරක්ෂක ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමේ සූදානමක් ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
 
අනතුරුව දේශපාලන පක්ෂ වල බලයලත් නියෝජිතයින් සමග ද සාකච්ඡා කරනු ඇති බවත්  දැන ගන්නට ඇත.
 
වාර්තා වන ආකාරයට මැතිවරණ කොමිසම මෙම පියවර ගනිමින් සිටින්නේ ආණ්ඩුව නියමිත වේලාවටම මැතිවරණය පැවැත්වීමට උත්සාහ ගනිමින් සිටින බවට  මාධ්‍ය වාර්තා පල වෙන අවස්ථාවක ය.
 
කෙසේ වුවත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මේ මොහොත වන විට දැඩි දැඩිව අවධාරණය කර ඇත්තේ corona වසංගතය අවසන් කරන තුරු මහ මැතිවරණය කල් දැමිය යුතු බවය.
එසේ නොවුනොත් එය රටේ බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බව ද ඔවුන් සඳහන් කර තිබිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *