27 April 2024
#දේශීය

අනුරාධපුරේ සුළිගින් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණයට දුමින්දගෙන් සහාය

අනුරාධපු⁣ර, තලාව ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ හමාගිය දැඩි සුළගින් හානි වූ නිවාස ප්‍රථිසංස්කරණය කර ගැනීමට අවශ්‍යය කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා මැදිහත්ව තිබේ.

අද(17) පෙරවරුවේ අදාළ ප්‍ර දේශ නිරික්ෂණය කරමින් මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්ව නිවාස අලුත්වැඩියා කිරීමට කටයුතු කරන බව එම අපදාවට පත් ජනතාවට පවසා තිබේ.

ඊයේ (16) තලාව, ගම්මාන අංක 02 හරහා වර්ෂාවත් සමගින් හමා ගිය දැඩි සුළගින් නිවාස කීපයක සෙවිලි තහඩු ගැලවී ගොස් තිබූ අතර, නිවසක් මතට විශාල ගසක්ද කඩා වැටී අලාභ හානී සිදුව ඇත.මේ හේතුවෙන් නිවාස තුළ වූ ගෘහ භාණ්ඩ , පාසල් දරුවන්ගේ අධ්‍යාපන උපකරණ ආදියද හානියට පත්ව ඇත.

එම නිවාස යථා තත්වයට පත් කර ගැනීම සදහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දෙන ලෙසට ආපදා කළමනාකරණ නිළධාරීන් ඇතුළු උසස් නිළධාරීන්ට උපදෙස් මින්ද දිසානායක මහතා විසින් ලබා දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *