ඉදිරියට යෙදී ඇති වප් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කරගනිමින් දිවයිනේ ප්රමුඛ පෙළේ බැංකුවක් විසින් විශේෂ තෑගි පිරිනමන බවට සමාජ මාධ්ය ජාලයන්හි හුවමාරු වන පණිවුඩ සම්පූර්ණයෙන්ම අසත්ය සහ ව්යාජ ඒවා වන බැවින් ඒවාට නොරැවටෙන ලෙස ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. අදාළ බැංකුව මගින් එවැනි කිසිදු තෑගි පිරිනැමීමේ වැඩසටහනක් සංවිධානය කර නොමැති බව එම ආයතනය තහවුරු කර ඇති අතර, මහජනතාවගේ පෞද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් විස්තර ඇතුළු සංවේදී දත්ත සොරකම් කිරීමේ අරමුණින් මෙම ව්යාජ පණිවුඩ නිර්මාණය කර ඇති බවට සැක කෙරේ.
මෙවැනි වංචනික ක්රියාවලට හසුවීමෙන් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් අහිමි වීමේ හෝ ගිණුම් අනවසර පාර්ශ්වයන්ගේ ග්රහණයට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව CERT ආයතනය පෙන්වා දෙයි. එබැවින්, එවැනි පණිවුඩවල ඇති සැකකටයුතු සබැඳි වෙත පිවිසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසත්, පෞද්ගලික හෝ බැංකු තොරතුරු ලබා නොදෙන ලෙසත් දන්වා සිටින අතර, ඕනෑම බැංකු ප්රචාරණයක් හෝ විශේෂ දීමනාවක් පිළිබඳව අදාළ බැංකුවල නිල වෙබ් අඩවි හෝ නිල සන්නිවේදන මාර්ග හරහා පමණක් තහවුරු කරගන්නා ලෙසත් බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.













