ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ බදුරලිය ක්‍රීඩා සමාජය සහ තවත් ක්‍රීඩා සමාජ කිහිපයක් පහළ කාණ්ඩයට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පවසමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නොතීසිය නිකුත් කර තිබේ.
ඒ අනුව, අදාළ කරුණු දැක්වීම සඳහා වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්වයට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.













