කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට පමණක් සීමා නොවූ, ජනතාවට සැනසිල්ලේ ජීවත් විය හැකි ජනතා කේන්ද්‍රීය සහ තිරසාර නගර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක “නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්” යටතේ ඇරඹි “Life Cities” (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, කොළඹදී පැවති මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද සහභාගී වූවාය. නාගරික සංවර්ධනය නිවැරදි අවබෝධයකින් සිදු කළ යුතු බවත්, මුල් අදියරේදී නගර 10ක් සංවර්ධනය කර ප්‍රගතිය මත ඉදිරි වැඩවලට ප්‍රතිපාදන වෙන් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.












