තායිලන්තයේ සිට මෙරටට “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින චීවරධාරීන් 23 දෙනා එළඹෙන මැයි 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.
පසුගිය අප්‍රේල් 25 වනදා තායිලන්තයේ සිට මෙරටට පැමිණි චීවරධාරීන් 22 නෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඔවුන්ගේ ගමන් මලුවල තිබී රුපියල් කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් විය. මෙම ජාවාරම මෙහෙයවූ බවට සැකකෙරෙන අමිතානන්ද නැමැති චීවරධාරියා ද පසුව ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසිය මේ වන විට සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වයි.














