ලොව පුරා දැඩි අවධානයට ලක්වූ ‘හැන්ටා’ (Hanta) වයිරසය ව්‍යාප්ත වූ ‘එම්.එස්. හොන්ඩියුස්’ (MS Hondius) මගී නෞකාවේ සිටි ආසාදිතයන් ඇතුළු පිරිස ආරක්ෂිතව නෙදර්ලන්තය වෙත රැගෙන ඒමට එරට රජය පියවර ගෙන තිබේ. කැනේරි දූපත්වල සිට කුඩා ගුවන් යානා දෙකක් මගින් මෙලෙස රැගෙන එනු ලැබුවේ මගීන් 6 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 19 දෙනෙකි. නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, මෙලෙස පැමිණි සියලුම පුද්ගලයන් වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වහාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි. ඔවුන් සියලු දෙනා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.














