මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් තිස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ‘ලොකු පැටී’ නමැත්තා ලබන 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය.
නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය. සිද්ධියට අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු සැකකරුවන් දෙදෙනා පසුගිය නඩු වාරයේදී ඇප මත මුදා හැර තිබිණි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු වන ‘ලොකු පැටී’ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. අදාළ නඩුව නැවත ලබන 12 වැනි දින කැඳවීමට නියමිතය.
















