ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (ජූනි 10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
පසුගිය ජූනි 04 වන දින මෙම මෝසම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය ලබා දීමට දින නියම කර තිබුණි.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින සුරේෂ් සලේ මහතාට අමානුෂික අයුරින් සැලකීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ සත්‍යග්‍රහයේ තුන්වන දිනය අදයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම සත්‍යග්‍රහයේ නිරත පිරිස් ඊයේ (09) රාත්‍රියේ ද එම ස්ථානයේ රැය පහන් කළහ.
















