27 April 2024
#විදෙස්

COVID-19 රෝගීයෙක් කැලිෆෝනියාවේදී හමුවෙයි

එක්සත් ජනපදයේ නවතම කොරොන වයිරස් නම් COVID-19 රෝගියෙකු හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පුද්ගලයා කැලිෆෝනියාවේ සොලානෝ ප්‍රාන්තයේ ජිවත් වු අයෙකු බවත් ඔහු චීනයට සංචාරය නොකර හෝ රෝගාතුර වූ අයෙකු සමඟ කිසිදු සම්බන්ධයක් නොමැතිව පුද්ගලයෙකු බව රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන තහවුරු කර තිබේ.

මෙම COVID-19 වෛරසය මේ වන විට චීනයට පමණක් නොව වෙනත් රටවල ප්‍රජාවට මෙම රෝගය මේ වන විට ව්‍යාප්තව ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ මෙම රෝගය පැතිරෙන ආකාරය පිළිබඳ නිෂ්චිතව කිව නොහැකි බවයි. එසේම මෙම රෝගය ව්‍යාප්ත වීම වලක්වා ගැනීමට කල යුත්තේ කුමක් ද යන්න ද මෙතෙක් නිෂ්චිත සොයා ගැනීමට නොහැකි විම සම්බන්ධයෙන් කනගාටු බව කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

 

මුලාශ්‍ර – https://www.businessinsider.com/coronavirus-community-spread-us-health-systems-tested-2020-2

Leave a comment

Your email address will not be published. Required fields are marked *