• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් 19, මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක අවශ්‍යතාව සනාථ කල බව ජනපති පවසයි

5 September 2020
in දේශීය

කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී අද (05) ආරම්භ වූ “යහපත් සීමාවාසිකයා” දෙදින වැඩුමුළුවේ ආරාධිත දේශනය කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680ක් සහභාගී වෙති. අද ආරම්භ වූයේ මෙවැනි වැඩසටහන් මාලාවක 08 වැන්නයි.

ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතී.

සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබිණැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත්, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්‍රයක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කර සිටියේ “ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල් පවා සාර්ථක ලෙස වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සමත් වූයේ නැහැ. ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම සහ සර්වජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් නොතිබීම ඊට ප්‍රධාන හේතුවක්. පෙර සූදානමක් නොතිබීමත්, ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොකිරීමත් ඊට බලපෑවා. ප්‍රතිඵලය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන එක් රෝගියෙකු හෝ අප ආපසු හරවා යැවූයේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් වැනි අන්තර්ජාතික සංවිධාන සේම බොහෝ රටවල් අප අත්කරගත් සාර්ථකත්වය ගැන ප්‍රශංසා කළා. සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රි ලංකාවට මේ ප්‍රගතිය හිමිකර ගැනීමට හැකි වූයේ අපේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය නිසා බව මම ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්” ජනාධිපතිවරයා පැවසීය.

සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සහ සෞඛ්‍ය නිලධාරීහූ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රමුඛ සංගමයේ සාමාජිකයෝ සහ සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් වැඩමුළුවේ සමාරම්භයට එක්ව සිටියහ.

 

 

Post Views: 6
Previous Post

මෙරට ක්‍රිඩාව ගොඩගන්න ඇමැති නාමල්ගෙන් වැඩ ගොඩක්

Next Post

තීරුබදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටි අලෙවි කල අයෙකු තුළ අත්අඩංගුවට

editor

editor

Next Post

තීරුබදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටි අලෙවි කල අයෙකු තුළ අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved