27 April 2024
#දේශීය

COVID-19 වයිරස් භීතිය අස්සේ සයිබර් ප්‍රහාරයක් ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම් දෙයි

COVID-19 වයිරසයේ ස්වභාවය නිසා ඒ වයිරසය පිළිබද සෑම තොරතුරක්ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වේගවත් අවධානය දිනා ගැනීමට නැඹුරුවීමත් සමඟ සයිබර් ප්‍රහාර දියත් කිරීමක් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය කියා සිටින්නේ වෛරසය යැයි අගවමින් සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ රහස්‍ය දත්ත සොරකම් කිරීම සහ කප්පම් මුදල් උපයා ගැනීමේ චේතනාවෙන් සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ අනිෂ්ට මෘදුකාංග බෙදා හැරීම සඳහා සයිබර් අපරාධකරුවන් මෙම හදිසි අවස්ථාව තුල ජනතාව තුල ඇතිවී ඇති බිය සහ අවිනිශ්චිතතාව යොදාගනිමින් සිටීන බවයි.

Covid-19 වයිරසය සම්බන්ධයෙන් නවතම තතු ඊමේල් මගින් දැනුවත් කිරීමේ මුවාවෙන් ඊමේල් පණිවිඩ හරහා බලයලත් මහජන සෞඛ්‍ය ආයතනයක් සේ පෙනී සිටිමින් අනිෂ්ට කේත ඇතුළත් Microsoft Word or PDF ගොනුවක් ආකාරයෙන් Emotet වැනි ට්‍රෝජන් අනිෂ්ට මෘදුකාංග පරිශීලකයාගේ පරිගනයකයට ජංගම දුරකතනයට ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක් පිලිබදව ලොවපුරා වාර්තා වේ.

මෙවැනි ඊමේල් පණිවිඩ සැලකියයුතු ප්‍රමාණයක් ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ට ලැබී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්වාස කරන අතර Covid-19 සම්බන්ධ ඊමේල් පණිවිඩයක් ඔබට ලබුනුහොත් එම පණිවිඩය විවෘත කිරීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙමු.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *