27 April 2024
#ක්‍රීඩා

බටහිර ඉන්දිය කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ජය ගනි  

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුනා.

ඒ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබාගත්තා.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 123කින් ලකුණු 127ක් ලබාගත්තේ හතරේ පහර 10ක් ද සමගින් අතර කුසල් මෙන්ඩිස් පන්දු 119කින් ලකුණු 119ක් ලබාගත්තා.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන මාර්තු මස පළමුවනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *