පිළියන්දල පොලිස් ස්ථානය අසලදී රාත්‍රී කාලයේදී සංවේදී දසුනක් දක්නට ලැබුණි. සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු තම රථය නවත්වා ඉන් බැස, පාරේ සිටි සුනඛයන් වෙනුවෙන් ආහාර ලබාදෙන අයුරු දැකගත හැකි විය.ඔහු එම ආහාර ලබාදෙන ආකාරය දෙස බලන විට, මේ සඳහා ඔහු හුරුපුරුදු වී සිටින බවත් මෙය දිගු කලක් තිස්සේ සිදුකරන්නක් බවත් පෙනෙන්නට තිබුණි. තමන් අසල සිටි සුනඛයන්ට පමණක් නොව, ටිකක් ඈතින් සිටි සුනඛයන්ටද ආහාර ලබාදීමට ඔහු අමතක නොකළේය. මෙම පුද්ගලයාගේ සත්ක්‍රියාව දෙස සුනඛයන් දැක්වූ ලෙන්ගතුකම ඉතා ආදර්ශමත්ය. මෙම සත්ක්‍රියාව සමාජයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.
















