• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ක්‍රිකට්වලට අනවශ්‍ය ඇඟිලි ගැසීම් වැඩියි – ඇමැති අකිල කියයි

26 September 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩා වැටීමක් ඇති බවත් ඒ සඳහා ඇතැමුන්ගේ අනවශ්‍ය ඇඟිලිගැසීම් බලපා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 34 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඔක්තෝම්බර් මස පළමු දින සිට 05 වන දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (25) කොළඹ ඔලිම්පික් නිවහනේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගයේ සමාරම්භක උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙසින් 1984 වසරේ එවකට අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කරනු ලැබූ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර උළෙලේ අවසන් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි..

මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා සඳහන් කළේ මෙවර තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000ක් සහභාගී වන බවයි. මලල ක්‍රීඩා තරග සඳහා පමණක් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 6,000 කට අධිකයි.

ඇදවැටී තිබූ පාසල් ක්‍රීඩා යළිත් නගාසිටුවීම සඳහා වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත 2015 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ අතර, මේ වනවිට ආසියාවේ හොඳම කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම සිටින්නේ ශ්‍රී ලංකාවේ බව සුනිල් ජයවීර මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ක්‍රිකට් ක්‍රීඩාව යළිත් දියුණු කිරීම සඳහා ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩපිළිවෙලක් සකස් කළ බව පෙන්වා දුන් ඒ මහතා ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඒ සඳහා සිය සහාය දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය සමග මේවන විට කටයුතු කරන බව පෙන්වා දුන්නා.

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන ක්‍රමය මගින් ද පාසල් මට්ටමින් ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියට ගොස් අධ්‍යාපනය ලැබීමේ වරම හිමිවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.

වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද පැහැදිලි කළ ඒ මහතා ඒවායේ සාර්ථක ප්‍රතිඵල තවත් වසර කිහිපයක් ඇතුළත දැකගත හැකිවනු ඇති බව ද සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩා වැටීමක් ඇති බවත් ඒ සඳහා ඇතැමුන්ගේ අනවශ්‍ය ඇඟිලිගැසීම් බලපා ඇති බවත් පෙන්වා දුන්නා.

ක්‍රිකට් පාලක මණ්ඩලය යොදා ගනිමින් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට සහ ව්‍යාපාර කිරීමට මෙන්ම තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවටයි, එහිදී අමාත්‍යවරයා චෝදනා කළේ.

ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියට පත්වීම බලා සිටිනු නොහැකිව පාසල් මට්ටමින් හෝ ක්‍රිකට් නගා සිටුවීම සඳහා තමන් ප්‍රවීණ ක්‍රීඩකයන්ට ඒ සඳහා ආරාධනා කළ අතර සියල්ලන්ම ඒ සඳහා පැමිණ සහාය දැක්වූ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ස්තුති පූර්වකව සඳහන් කළා.

පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ට විදෙස් රටක සිට උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව ලබා දුන්නේ ද ක්‍රීඩාවට දක්ෂයන් සඳහා දිරිය ලබා දීමේ අරමුණ ඇතිව බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇතැම් විට එම තීරණය විවේචනය කිරීමට ඇතැමුන් පෙළඹිය හැකි වුවද ක්‍රීඩාව වෙනුවෙන් නොබියව තමා එම තීරණය ගත් බවයි සඳහන් කළේ.

ශ්‍රියානි කුලවංශ මහත්මියට උපාධියක් හැදෑරීම සඳහා පසුගිය කාලයේදී අවස්ථාව ලබා නොදී තිබූ බවත් රටට කීර්තියක් ලබා දුන් ඇයට එම උපාධිය හැදෑරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තමන් පියවර ගත් බවත් සදහන් කළ අමාත්‍යවරයා, ක්‍රීඩාව සඳහා කැපවීම ඇති අයට අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට ඉඩකඩ ලබා දිය යුතු බව ද පෙන්වා දුන්නා..

ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබුවන් 3850 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පද්ධතියට එක්කර ගැනීම සදහා මේ වනවිට තෝරා ගෙන ඇතත්, එම පිරිස් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළාත් සභා මගින් විරෝධතා එල්ල වීම නිසා අදාළ බඳවා ගැනීම් ප්‍රමාද වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අදාළ පිරිස් කඩිනමින් බඳවා ගන්නා බව කියා සිටියා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ,අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ මංජුල කාරියවසම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා

Post Views: 0
Previous Post

ඇමෙරිකා ජනාධිපති ඉරානය ගැන දැඩිව විවේචනය කරයි

Next Post

රුපියල දේශපාලන ප්‍රශ්ණයක් කරගෙන උත්තර හොයන්න බෑ – මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ කියයි

editor

editor

Next Post

රුපියල දේශපාලන ප්‍රශ්ණයක් කරගෙන උත්තර හොයන්න බෑ - මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved