ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන ඇති බව අද (17) විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නවතම දත්තවලට අනුව, වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබේ. WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.28 ආසන්න අගයක පවතින අතර, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ මට්ටමකට පැමිණ ඇත.
ලෝක ආර්ථිකයට සහ ඉන්ධන ආනයනය කරන රටවලට මෙම මිල අඩුවීම සහනයක් වනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















