කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (අප්‍රේල් 23) දිනය අවසානයේ ඒකක 73.23කින් පහත වැටී තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස 0.32%ක අගයකි. ඒ අනුව දිනය අවසානයේ දර්ශකය ඒකක 22,566.58ක් ලෙස සටහන් විය.
අද දිනයේ වෙළෙඳපොළ තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.8කි. දර්ශකයේ මෙම සුළු පහත වැටීම මධ්‍යයේ වුවද වෙළෙඳපොළ ගනුදෙනු සක්‍රිය මට්ටමක පැවති බව නිරීක්ෂණය වේ.














