කියුබාවේ ජාතික විදුලි බල පද්ධතිය අද (06) මධ්‍යහ්න කාලයේදී සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට ලක්ව ඇති බව එරට විදුලි බල පද්ධති ක්‍රියාකරු (UNE) නිවේදනය කර සිටියි. මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් කැරිබියන් දූපත් රාජ්‍යයක් වන කියුබාවේ මිලියන 10කට අධික සමස්ත ජනගහනයට මේ වන විට විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
දිවයින පුරා මෙලෙස දැවැන්ත විදුලි බිඳවැටීමක් (Blackout) සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව UNE ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.















