ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) අද (06) සිරියාවේ දමස්කස් නුවර වෙත ළඟා වූ බව සිරියානු රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරයි. 2024 වසරේදී ජනාධිපති අහමඩ් අල්-ෂාරා (Ahmed al-Sharaa) ගේ නායකත්වයෙන් යුත් කැරලිකාර කණ්ඩායම් විසින් බෂාර් අල් අසාද්ගේ (Bashar al-Assad) දශක කිහිපයක පාලනය පෙරළා දැමීමෙන් පසුව, යුරෝපා සංගමයේ (EU) රාජ්‍ය නායකයෙකු සිරියාවේ සිදුකරන ප්‍රථම නිල සංචාරය මෙය වේ.
වසර 13ක් පුරා පැවති දරුණු සිවිල් යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ සිරියාව නැවත ගොඩනැඟීම සඳහා වත්මන් ජනාධිපති ෂාරා දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි. හිටපු අල්-කයිඩා අණදෙන නිලධාරියෙකු වන ඔහු, අසාද්ගේ පාලන සමයේදී සිරියාව කොන් කර තිබූ බටහිර සහ මැදපෙරදිග බලවතුන් සමඟ මේ වන විට සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගෙන ඇත. ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම ඓතිහාසික සංචාරය හරහා වත්මන් සිරියානු පාලනය යටතේ සිදුවෙමින් පවතින ගෝලීය භූ-දේශපාලනික පරිවර්තනය මැනවින් පෙන්නුම් කරන බව විදේශ විශ්ලේෂකයෝ පවසති.















