කියුබාව පුරා පවතින දැඩි බලශක්ති අර්බුදය සහ විදුලි කප්පාදුව හමුවේ ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කරන ලද ඩොලර් මිලියන 100ක (පවුම් මිලියන 74ක) මානුෂීය ආධාර යෝජනාව සමාලෝචනය කිරීමට සූදානම් බව කියුබානු රජය ප්‍රකාශ කර තිබේ. කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් ඊයේ (14) සඳහන් කළේ මෙම ආධාර ලබාදෙන ආකාරය සහ එහි විස්තර පිළිබඳව දැන ගැනීමට තම රට සූදානම් බවයි. කෙසේ වෙතත්, කියුබානු ජනාධිපති මිගෙල් ඩියස්-කැනෙල් පෙන්වා දෙන්නේ මෙලෙස ආධාර දෙනවාට වඩා ඇමරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීම කියුබානු ජනතාවට සහනයක් සැලසීමට ඇති වඩාත් සරල සහ කාර්යක්ෂම ක්‍රමය බවයි. ඇමරිකාව මෙම ආධාර යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතුළු කොන්දේසි කිහිපයක් මත පදනම්වය.














