පුත්තලම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම රෝහල් පරිශ්‍රයේ හටගත් හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා යුද හමුදා භට පිරිස් මැදිහත් වී තිබේ. රෝහල් කටයුතු අඩාල වීම වැළැක්වීමට සහ රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහය වීම සඳහා මෙම පියවර ගෙන ඇත. රෝහල් බලධාරීන් සමඟ ඒකාබද්ධව ක්‍රියා කරන යුද හමුදාව, ජලයෙන් යටවූ ප්‍රදේශ පවිත්‍ර කිරීමට සහ අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටියි. යුද හමුදාවේ මෙම කඩිනම් මැදිහත්වීම නිසා ව්‍යසනකාරී තත්ත්වය මධ්‍යයේ වුවද රෝහල් පරිශ්‍රයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ කටයුතු වේගවත් වී තිබේ.














