27 April 2024
#දේශීය

වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතුයි – අගමැති රනිල්

විද්‍යත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක අහාර හිඟයක් අභිමුව සිටින ශ්‍රී ලංකාව තුළ අහාර සුරක්ෂිතාව ඇතිකිරීම පිලිබඳ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවති අවස්ථාවේදිය.

පොහොර .බිජ සහා ඉන්ධන ගැටලුව පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කල අතර ඊට ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මාසිකව සහල් අවශ්‍යතාව මෙට්‍ර්ක් ටොන් ලක්ෂ දෙකක් වන අතර දැනට රට තුල සහල් සංචිතය ප්‍රමානාවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව මෙම සාකච්ඡා අනාවරණය විය.

ඊලඟ කන්නයේ අස්වනු නෙලිමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති විය ආහාර හිඟයට මේ මොහොතේ ගත හැකි විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා එහිදි අවධාරණය කල අතර විශේෂයෙන්ම නාගරික ප්‍රදේශය අහාර සැපයීම පිලිබඳ අවධානය යොමු කලා.

ඒ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කල අතර බස්නාහිර හා දකුණු පලාත් වල වගා සංග්‍රාමය හා අහාර සැපයීම සඳහා කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග .පා.ම මධුර විතාන .කොලඹ පුරපතිනි රොසි සේනානයක . විපක්ෂය නියොජ්නය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතලත් කමිටුවක් පත් කලා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *