27 April 2024
#දේශීය

ඇඳිරි නීතිය අද 11 සිට හෙට උදේ 5 දක්වා

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16) රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *