27 April 2024
#දේශීය

ඇඳිරි නීතිය හෙට (14) පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා ලිහිල් කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (14) පෙ.ව 6.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එය ප.ව. 6.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-15) පෙ.ව. 5.00 දක්වා බල පැවැත්වේ.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *