27 April 2024
#දේශීය

රනිල්ගේ ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්නේ නෑ – හිටපු ජනපති මෛත්‍රි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කරන රජයේ කිසිම ආකරයකින් අපි කොටස්කාරයෙක් වෙන්නෙ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවේදිය.

පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර පක්ෂය මෙම තීරණයට එළැඹි බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, අමාත්‍ය ධූර හෝ තනතුරු ලබා ගෙන නව රජයේ කොටස්කරුවන් වීමට සිය පක්ෂය සූදානම් නොමැති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *