27 April 2024
#දේශීය

මෙරට ජනමාධ්‍ය වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් …

මෙරට මාධ්‍ය ආයතනයක් වන හිරු නිව්ස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති තිබේ. අද පෙරවරු 8. 30 ට පමණ මෙම සයිබර් ප්‍රහාරය සිදු වී ඇති අතර එය විජයග්‍රහණ සැමරුම ඉලක්ක කර ගනිමින්, එල්. ටී. ටී. ඊ. හිතවාදී ‘දෙමළ ඊලාම් සයිබර් ආම්’ නම් සංවිධානයක් මගින් සිදු කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය විසින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට අදාළ වෙබ් අඩවිය යථාතත්ත්වයට පත් කර ජනතාවට ප්‍රවේශ වීමට අදාළ කටයුතු කර තිබේ.

 

TTVnews.lk වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් කල විමසීමකදී ඔවුන් පවසා සිටියේ අදාල සිදු වීම සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරීම් සිදු කරන බවයි.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *