27 April 2024
#දේශීය

විපක්ෂයේ හැසිරීම සම්බන්ධයෙන් ජනතාව දඩුවම් කරයි – සංජීව එදීරිමාන්න

 කොරෝනා වසංගත තත්ත්වයේදී විපක්ෂයේ නිර්ඡ්ඡාසහගත හැසිරීම හෙලා දකින බව පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක සංජිව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ විපක්ෂය විසින් මීට පෙර ද යුද්ධය පැවැති කාලයේදී හැසිරුණු ආකාරයට මෙම කොරෝනා ව්‍යවසනයේදීත් කටයුතු කරන බවයි.

ඔවුන්ට ජනතාව විසින් ඉදිරියේදී දඩුවම් කරනු ඇති බවත් ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව එය තීරණය වනු ඇති බව හෙතෙම පැවසිය.

එදා විපක්ෂය විසින් යුද්ධය කාලේ කරනු අසත්‍ය ප්‍රචාරන කටයුතු සේම මේ අවස්ථාවේදී කොරෝනා වසංගතයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාර කරන බව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

රටේ ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කරනු ඇති බවත් විපක්ෂයට ඉතා ලස්සන උත්තරයක් මැතිවරණයේදී ලබා දෙනු ඇති බව සංජිව එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *