මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් තිස්තුන් කෝටියක ($330,000,000$) මුදලක් සිය ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘ලොකු පැටි’ නැමැත්තා ලබන මැයි 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළේය.
නීති විරෝධී වත්කම් ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී. මෙම සිද්ධියටම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු සැකකරුවන් දෙදෙනා පසුගිය නඩු වාරයේදී ඇප මත මුදා හැර තිබුණි.
සැකකරුගේ බැංකු ගිණුම්වලට බැර වූ මෙම අතිවිශාල මුදල් ප්‍රමාණය උපයාගත් ආකාරය පිළිබඳව නීති විරෝධී වත්කම් ඒකකය තවදුරටත් පුළුල් විමර්ශන පවත්වයි.














