• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෑම රෝහලකම ඔක්සිජන් අවශ්‍යතාතාව සම්බන්ධයෙන් දෛනික නිරීක්ෂණයක්

1 September 2021
in දේශීය

දිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කල යුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (01) උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ඔක්සිජන් අවශ්‍ය කරන සෑම රෝගියෙකුට හිඟතාවයකින් තොරව ඔක්සිජන් ලබා දීමට හැකි උපරිම පියවර ගන්නා ලෙසත් ඒ සඳහා වඩාත් සුදුසු ක්‍රියාමාර්ග සෞඛ්‍ය හා තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකු මියයාමට ඉඩ නොතැබිය යුතු බවත්, එ් සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී කීය.

මේ වන විටත් දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සම්බන්ධයෙන් සොයා බලන අතර එය තවදුරටත් කාර්යක්ෂම කරමින් අවශ්‍යතාවේ අඩු වැඩි වීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80 ක් වන අතර මේ වන විට එම තත්ත්වය ඉක්මවමින් ඔක්සිජන් අවශ්‍යතාව ඇතිවෙමින් පවතී. ඒ අනුව කොවිඩ් ව්‍යසනය ඇතිවීමට පෙර මෙරට ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 20 -25 අතර පැවති අතර එම තත්ත්වය මේ වන විිට වඩාත් ඉහළ මට්ටමකට පත් වී ඇත.දෛනික ඔක්සිජන් නිෂ්පාදනයට අමතරව අතිරේක ඔක්සිජන් ගබඩාවක්ද මෙරට ක්‍රියාත්මක අතර තවත් එවැනි ගබඩාවක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.මේ අතර මේ වන විට ඉන්දියාව , සිංගප්පූරුව වැනි රටවලින් ඔක්සිජන් ගෙන්වීමට පියවර ගෙන ඇත.

Post Views: 10
Previous Post

පාස්කු දින බෝම්බ ප්‍රහාර‍යේ පරීක්ෂණ ගැන සාකච්ඡා කිරීමට ශුද්ධාසනයේ නියෝජිතවරයා විදේශ ඇමැති හමුවෙයි

Next Post

සඟවා තිබූ සීනි රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගිකයන්ට

editor

editor

Next Post

සඟවා තිබූ සීනි රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගිකයන්ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved