මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන්ගේ තේවා පූජාව වසරක කාලයකට පසු, ඇසළ පෝය දිනට පසුදින පුරාණ චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයට බාරදීම සිදු කර තිබේ.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන යන මහා නායක හිමිවරුන් දෙනමගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී මෙම චාරිත්‍රය ඉටු කර ඇති අතර, ඊට පාර්ශව දෙකෙහි දළදා තේවාව භාර හිමිවරුන් සහ දළදා මාලිගා සේවකයන්ද සහභාගී වී ඇත.














