27 April 2024
#දේශීය

ඩල්ජිත් අළුවිහාරේ මාතලේ නගරාධීපති ධූරයෙන් පහ කරයි

මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් නන්දලාල් අළුවිහාරේ මහතා සිය ධූරයෙන් පහකර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ, මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව ඉදිරිපත් ව තිබු චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් පසුගිය 24 දා ආණ්ඩුකාරවරයා වෙත භාරදෙන ලදී.

ඒ අනුව අදාල වාර්තාවේ ඇතුලත් කරුණු මත පදනම්ව මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහ නගර සභා ආඥාපනතේ (252 අධිකාරිය) 277 (I)(අ), (ඇ).(ඈ) සහ (ඉ) වගන්ති වල සදහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින්, මහා නගර සභා ආඥා පනත යටතේ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ (02) දින සිට මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් නන්දලාල් අළුවිහාරේ මහතා සිය ධූරයෙන් පහකර ඇත. ඒ බව දැක්වෙන ගැසට් නිවේදනය ඊයේ (2) නිකුත් කර තිබුනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *