27 April 2024
#දේශීය

තහනම් කරන ලද ධීවර කටයුතු වලට දැඩි නීති පනවනවා – ධීවර ඇමැති

හැඹිලි දැල් භාවිතය හා තහනම් කරන ලද ධීවර කටයුතු අධීක්ෂණය කිරීම සදහා නවීන තාක්ෂණය හා නව නීති රීති කඩිනමින් ක්‍රියාත්මක කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් චානක්කියන් මහතා විසින් හැඹිලි දැල් භාවිතා කිරීම සම්බන්ධයෙන් නැගු ප්‍රශ්ණයක් සදහා පිළිතුරු ලබා දෙමිනිත

ධීවර කටයුතු වලදී හැඹිලි දැල් භාවිතා කිරීම සදහා නව නීති රීති කිහිපයක් ඇතුලත් කරමින් බලපත් ලබා දී තිබු අතර එම නීති උල්ලංගණය කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බවට තවමත් පැමිණිලි ලැබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

දැනටමත් මෙම පැමිණිලි අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ හැඹිලි දැල් යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් නැවැත්වීමට කටයුතු කල අතර ඔවුන් විසින් අධිකරණයේ පිහිට පැතු හෙයින් අධිකරණ තීරණයට අනුව ඔවුන් හට නැවතත් එම රැකියාවේ නියැලීම සදහා අවස්ථාව ලැබී ඇති බවද ඒ මහතා පැවසීය.

තවද මුලතිව් ප්‍රදේශයේත් මෙම ගැටළුව හේතුවෙන් හැඹිලි දැල් භාවිතයට ඉඩ ලබා දී තිබු අතර එයට විරුද්ධව කුඩා ධීවර කර්මාන්තකරුවන්ගේ විරෝධතාවයෙන් පසු එම ධීවරයිනුත් අධිකරනයේ පිහිට පතා ඇති බවද සදහන් කළේය.

නමුත් දැනට ක්‍රියාත්මකව පවතින නීති රීති උල්ලංගනය කරමින් ධීවර යාත්‍රා මගින් හැඹිලි දැල් යොදාගෙන කරනු ලබන ධීවර කටයුතුවට එරෙහිව අවශ්‍ය නීතිමය කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලීසිය සහය ඇතිව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අපගේ සාගර සම්පත්වලට හානි කරනු ලබන හැඹිලි දැල් කර්මාන්තය පමණක් නොව ගුණාත්මක මහුදු ආහාර අස්වැන්න අඩු වීමට හේතු කෙරෙහිද බලපාන ක්‍රමවේදයන් තහනම් කිරීම සම්බන්ධයෙන්ද ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවත් දැනට දේශීය වශයෙන් මුහුදු සම්පත් පර්යේෂණ වලට ලක්කරමින් අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා ප්‍රමාණවත් පිරිස් අන්තර්ගහණය කර ගැනීම සදහාද අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය. එබැවින් අනාගතයේදී ධීවර සම්පත් වලට හානිකරනු ලබන සියළුම ධීවර කටයුතු වලට සීමා කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *