27 April 2024
#දේශීය

තලවකැලේ ලිදුල නගරසභාවේ සභිකයෙක් වශයෙන් අසංක සම්පත් පීරීස් මහතා පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

තලවකැලේ ලිදුල නගර සභාව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තේරී පත් වු මයිල්වාගනම් පරමනාදන් මහතා වෙනු‍වට එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින් ගත් තීරණයකට අනුව, අසංක සම්පත් පීරිස් මහතා පත් කර ඇත.

ඒ අනුව, නගර සභා සභිකයෙක් වශයෙන් එම මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඉදිරියේ දිවුරුම් දීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (23) සිදුවිය.

පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී එස්.බී.රත්නායක, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක , තලවකැලේ ලිදුල නගර සභාවේ සභික චන්දන ගුණතිලක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළේ වඩා කාර්යක්ෂම ජනතා සේවයක් වෙනුවෙන් පළාත් පාලන ආයතන වලට විශාල කාර්යභාරයක් පවතින බවත්, වඩා යහපත් ජනතා සේවයක් වෙනුවෙන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම තමා මැදිහත් වීමට සූදානම් බවත් ය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *