වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. රැඳවියන්ගේ ආධ්‍යාත්මික සුවය සහ සංහිඳියාව අරමුණු කරගනිමින් බැති ගී ප්‍රසංග, වෙසක් සැරසිලි, විශේෂ ආගමික වත්පිළිවෙත් සහ දන්සල් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර වෙසක් උත්සවයේ සුවිශේෂී අංගයක් ලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ සාමූහික දායකත්වයෙන් නිර්මාණය කළ මනරම් වෙසක් කූඩු ප්‍රදර්ශනයක් මැයි 30 සහ 31 යන දෙදින රාත්‍රී කාලයේදී බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරේ.
ඊට සමගාමීව සංවිධානය කර ඇති දන්සල් වැඩසටහන්
බෙලිමල් දන්සල: මැයි 30 වන දින පස්වරු 7.00ට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ.මඤ්ඤොක්කා දන්සල: මැයි 31 වන දින පස්වරු 7.00ට නව මැගසින් බන්ධනාගාරය අසලදී පැවැත්වේ. (මෙය වැලිකඩ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ ETRF ඒකකයේ සහයෝගයෙන් සංවිධානය කෙරේ.)
















