එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම්, එක්සත් රාජධානියේ පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වී ඇති බව 2026 ‘Sunday Times Rich List’ වාර්තාව අනාවරණය කරයි. ඩේවිඩ් බෙකම් සහ ඔහුගේ බිරිඳ වන වික්ටෝරියා බෙකම් සතු මුළු ඒකාබද්ධ වත්කම පවුම් බිලියන 1.185ක් දක්වා ඉහළ යාම මෙයට හේතු වී තිබේ.
බ්‍රිතාන්‍යයේ ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට අනුව, ක්‍රීඩකයෙකු බිලියනපති තත්ත්වයට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වේ. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවද බෙකම් පවත්වාගෙන ගිය ඉහළ සන්නාම වටිනාකම සහ ඔහුගේ සාර්ථක ව්‍යාපාරික ආයෝජන මෙම දැවැන්ත මූල්‍ය වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.














