ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්, විදෙස් මාධ්‍යවේදීන් මෙරටට ගෙන්වා විශේෂ මාධ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
මෙමඟින් දේශීය මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර අත්දැකීම් සහිත මාධ්‍යවේදීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, නවීන මාධ්‍ය භාවිතයන් පිළිබඳ පුහුණුවක් ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇති බව ඇය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාව කලාපීය මාධ්‍ය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.














