ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් තමන්ටම තීන්දුවක් ලබා දීමට ඔවුන්ට සිදුවන කාලයක් පැමිණ ඇති බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඊයේ (29) දිනයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, එය ඔවුන්ට පුද්ගලිකව ප්‍රතිලාභ ගෙන දෙන තීරණයක් වුවද, රජය විසින් විනිසුරුවරුන්ට මෙවැනි ප්‍රතිලාභ ලබා දීමට බලපෑම් කරමින් ඔවුන් දුෂ්කර තත්ත්වයකට පත් නොකළ යුතු බවයි.














