නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන බහු අපේක්ෂිත ‘රාමායණ’ චිත්‍රපටයේ පළමු කොටසේ නිල ට්‍රේලරය මේ වන විට නිකුත් කර තිබේ.
මෙහිදී රාමගේ චරිතයට පණ පොවන රන්බීර් කපූර් සහ සීතාගේ චරිතයට එක්වන සයි පල්ලවි රාම-සීතා යුගයේ ආකර්ෂණය මනාව සිහිපත් කළද, ට්‍රේලරය නරඹන ප්‍රේක්ෂකයන්ගේ වැඩිම අවධානය දිනා ගැනීමට සහ ඔවුන් මවිත කිරීමට යෂ් විසින් නිරූපණය කරන ‘රාවණා’ චරිතය සමත්වී ඇති බව වාර්තා වේ.














