අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලබන 18දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද, ඊට එරෙහිව සිදුකරන අධිකරණ ක්‍රියාමාර්ග කිසිසේත් නතර නොකරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
මෙම සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් ඇතුළත අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව හිමිවන බැවින්, ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර විපක්ෂයක් ලෙස ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
















