පුත්තලම, අට්ටවිල්ලුව ප්‍රදේශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට (DIG) අයත් යැයි කියන ඉඩමක සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී යුද බිම් සඳහා යොදාගන්නා පතොරම් සහ ආරක්ෂිත වන සතුන්ගේ සමවල් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී ජීව පතොරම් නවයක්, අඩි හයකට ආසන්න දිගකින් යුත් කොටියෙකුගේ සමක් සහ මුව සමක් සොයාගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ ස්ථානයේ සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පවසා ඇත්තේ තමන් එම ඉඩම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් බද්දට ලබාගෙන වගා කටයුතු සිදුකරන බවයි.
මෙම කොටියාගේ සම විල්පත්තුව සහ ඒ ආශ්‍රිත රක්ෂිතයකින් ලබාගත්තක් විය හැකි බව වනජීවී නිලධාරීන් සැක පළකරන අතර, අදාළ ඉඩමේ හිමිකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද නියමිතය.














