රැපියල් කෝටි තුනක නාස්තියක් සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමේ විමර්ශනයක් පැවැත්වෙන හෙයින්, තනතුරෙන් ඉවත් වී සභාවේ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (18) ඉල්ලීමක් කළා.
කතානායකවරයාට මේ ස්ථානයේ කටයුතු කිරීමට බලයක් නැතැයි පවසමින් මන්ත්රීවරයා අදාළ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේදී සභාගත කර ඇති අතර, ඉහළින් නීතිය නැති බැවින් කතානායකවරයා තාවකාලිකව ඉවත් වී සභාවේ කටයුතු සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඔහු අවධාරණය කළේය.














